හෝටල් ගෘහපාලනය

හෝටලයේ දේපළ පිරිසිදුව, මනා නඩත්තුවක් සහිතව සහ සුන්දරත්වයෙන් යුතුව මනාකොට පවත්වාගෙන යාමේ වගකීම පැවරී ඇත්තේ හෝටල් ගෘහපාලන අංශය වෙතය. අතිශය පිරිසිදු භූමියකට පියනැඟීමට අපේක්ෂාකරන්නා සේම, මනාව සකසා ඇති සැපපහසු සහ පිරිසිදු කාමරයක් වෙත පිළිගනු ලැබීමට ද අමුත්තෝ ප්‍රියවෙති. මෙම අංශයේ බොහෝ රැකියා ප්‍රවර්ග පවතින අතර, අමුත්තකු ලෙස රැඳීසිටින්නේ නම් ඉන් බොහෝමයක් ඔබ නොදකිනු ඇත. මතකයෙහි තබාගත යුත්ත වන්නේ, හෝටලය සතු කාමර ප්‍රමාණය ඉහළ යාමත් සමඟ මෙම අංශය ද වඩා විශාල වන බවයි.

1. රැකියා භූමිකා

ප්‍රවේශ මට්ටම

පුහුණුලාභීන්/ ආධුනිකයින්: මෙම අංශයේ කාර්ය මණ්ඩලය විසින් විෂබීජනාශක කටයුතු සහ පිරිසිදු කිරීම් සඳහා බොහෝ රසායනික ද්‍රව්‍ය ද, බිම මැදීම සඳහා වූ යන්ත්‍ර සූත්‍ර ද භාවිත කරනු ලැබේ. මේ සියල්ල එක් දිනක් තුළ දී ග්‍රහණය කරගැනීමට නවකයෙකුට දුෂ්කර වනු ඇත. එනිසා, ඔබ අවම වශයෙන් මාස 03ක්වත් පුහුණු විය යුතුය.

ගබඩා සේවක: ගබඩා අධීක්ෂකට තොරතුරු වාර්තා කරන සේවකයා ය. ඔහුගේ මූලික කාර්යය වන්නේ පවිත්‍රකාරක වැනි පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය ආදියෙහි භාණ්ඩ ලේඛනයක් පවත්වාගෙන යාමත් නව අයිතම මිලදී ගැනීම සඳහා ඉල්ලිම් සිදුකිරීමත් ය.
පොදු පරිශ්‍ර පිරිසිදු කරන සේවකයන්: “පොදු පරිශ්‍ර” යනු අමුත්තන් නිතර ගැවසෙන ස්ථානයි. පිළිගැනීමේ අංශය, ලොබිය, කොරිඩෝව, විදුලි සෝපාන සහ රථ ගාල ආදිය පිරිසිදුව සහ නැවුම්ව පවතින්නේ දැයි තහවුරු කිරීමේ කාර්යය පැවරී ඇත්තේ මෙම සේවකයන්ට ය. ඔවුන් ඒවා හා සම්බන්ධ තොරතුරු වාර්තා කරන්නේ පොදු පරිශ්‍ර අධීක්ෂකවරයාට ය.

රාත්‍රී වැඩමුරයෙහි යෙදෙන සේවකයන්: රාත්‍රී කාලයේ දී හෝටල් ගෘහපාලනය හා සම්බන්ධ රාජකාරි ඉටු කිරීමත්, හෝටලයේ ආරක්ෂාව හා සම්බන්ධ දෝෂ සොයා ඒවා සමථයකට පත් කිරීමට රාත්‍රී වැඩමුර අධීක්ෂකවරයාට සහය දීමත් සිදුකරති.
නිල ඇඳුම්/ රෙදිපිළි කටයුතු හා සම්බන්ධ සේවකයන් : වර්ගය අනුව රෙදි වෙන්කර ඒවා ලොන්ඩරිය වෙත යවති. තුවා, ඇඳ ඇතිරිලි, කොට්ට උර ආදිය රාක්කවල අසුරන අතරතුර ඒවායේ භාණ්ඩ ලේඛනයක් ද තබාගනිති. එසේම, නිල ඇඳුම් එකතු කර පසුවට භාවිත කිරීම සඳහා ඒවා පවත්වාගෙන යති.

අමුත්තන්ගේ කාමර සකසන සේවකයන්: බිම් අධීක්ෂකට තොරතුරු වාර්තා කරති. අමුත්තන්ගේ කාමර, නාන කාමර සහ කොරිඩෝ පිරිසිදු කිරීම, රෙදිපිළි පිළිවෙළ කිරීම, අමුත්තන්ගේ කාමරවලට සැපයුම් අතිරේකය පිරවීම සඳහා ද්‍රව්‍ය එකතු කිරීම, ඇඳන් සැකසීම සහ හෝටලය පිරිසිදු කිරීමට යොදා ගැනෙන ට්‍රොලිය, ඊට අවශ්‍ය දෑ සමඟ සූදානම් කිරීම සිදුකරති.

අධීක්ෂක මට්ටම

ගබඩාකරු: ගබඩාවේ අවශ්‍ය තරම් තොග පවතින්නේදැයි දැනුවත් වූ තැනැත්තා වේ. අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල ගබඩාවේ ඇතිදැයි ගබඩා අත්උදව්කරු සමඟ එක්ව පරීක්ෂාකොට තහවුරු කරයි.

පොදු පරිශ්‍ර අධීක්ෂක: පරිශ්‍රයෙහි නඩත්තුව සදහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් සිටින්නේදැයි මොහු තහවුරු කරගත යුතුය. බොජුන්හල, ව්‍යායාම් ශාලාව (Gym), පිහිනුම් තටාකය, අවන්හල, භෝජනාගාරය, ලොබිය, විදුලි සෝපාන සහ රථගාල පිරික්සා මනා ලෙස නඩත්තුවන්නේ දැයි තහවුරු කිරීම ඔහු/ඇය සතුය .

රාත්‍රී වැඩමුර අධීක්ෂක: රාත්‍රී කාලයේ දී රාජකාරියෙහි නිරත වෙයි. අමුත්තන් සඳහා ජලය හා වෙනත් පහසුකම් සපයා ඇත්දැයි මොහු තහවුරු කරගත යුතුය. රාත්‍රී කාලයේ දී ක්‍රියාත්මක වීම සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් සිටින්නේ දැයි ඔහු/ ඇය තහවුරු කරයි. එසේම, හෝටලයේ සමස්ත පවිත්‍රතාව සම්බන්ධ කටයුතු පරීක්ෂා කරයි.

නිල ඇඳුම්/රෙදිපිළි කටයුතු හා සම්බන්ධ අධීක්ෂක: ඔහු /ඇය රෙදිපිළි පිරික්සා ඒවා ලොන්ඩරියට හෝ මැදීම (ironing) සඳහා යැවිය යුතු අතර, ඒවා ලියාපදිංචි කර ලේඛනයක් පවත්වාගෙන යා යුතුය. හොඳින් මදින ලද, පිරිසිදු නිල ඇඳුම් සැපයිය යුතු අතර සැපයුම් යෝජනා කිරීමත්, නිල ඇඳුම්වල තත්ත්වය මනා ලෙස පවත්වාගෙන යාමත් සිදුකළ යුතුය.

නැති වූ භාණ්ඩ හා සම්බන්ධ කටයුතු භාර අධීක්ෂක (Desk Supervisor): හෝටල් ගෘහපාලන අංශයේ, නැති වූ භාණ්ඩ, හිමිකරුවන් ගෙනයන තෙක් රඳවාගන්නා ඒකකය භාරව සිටින්නේ මෙම තැනැත්තා ය. යම් භාණ්ඩයක් සොයාගත් විට හෝ හිමිකරු හෝටලය සමඟ සම්බන්ධ වන අවස්ථාවල දී වෙනත් අධීක්ෂකවරුන් සහ කළමනාකාරවරුන් සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබන්නේ ඔහු/ඇය විසිනි.

බිම් අධීක්ෂක (Floor Supervisor): කාමර පිළිවෙළ කරන සේවකයන් සඳහා යතුරු නිකුත් කිරීම, කාමර මනාව සූදානම්කොට ඇත්දැයි පිරික්සීම සහ ඉදිරි කාර්යාලයට කාර්ය තත්ත්වය වාර්තා කිරීම සිදුකරයි. VIP හෙවත් ප්‍රභූ අමුත්තන්ට පහසුකම් සපයයි.

විධායක මට්ටම

සහයක හෝටල් ගෘහපාලකවරයා: මෙම තනතුර සඳහා ඵලදායී වූ සන්නිවේදන සහ සංවිධානාත්මක කුසලතා අවශ්‍ය වේ. අධීක්ෂක මට්ටමේ රාජකාරි මීට අන්තර්ගත වන නිසා මෙය විධායක හෝ කළමනාකරණ මට්ටමේ පවතින රැකියාවක් වේ. මොහු පිරික්සාබැලීම් හා සම්බන්ධ කටයුතු සිදුකරන අතර වැඩ වාර්තා සහ කාර්ය සැලසුම් පරීක්ෂා කරයි. එසේම අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සඳහා වැඩසටහන් සංවිධානය කිරීමට හෝටලයට සහය වන අතර, ආයතනයේ විධිමත් ක්‍රියාපටිපාටි නිසි ලෙස අනුගමනය කිරීම සිදුවන බව තහවුරු කිරීමත්, අවශ්‍යවිට දී අමුත්තන් හා කතාබහ කිරීමත් සිදුකරයි.

හෝටල් ගෘහපාලන අංශයේ විධායක නිලධාරී: මෙම විධායක කළමනාකරු, අංශයේ ප්‍රධානියා ය. සමස්ත පිරිසිදුබව සහ සුන්දරත්වය, නවකයන් පුහුණු කිරීම, පවිත්‍රතාවය සහ අලංකරණය සඳහා සම්මත ක්‍රියාපටිපාටි පිහිටුවීම, භාණ්ඩ ලේඛන ක්‍රමානුකූලව අධීක්ෂණය කිරීම, සේවක ක්‍රියාකාරීත්වය ඇගයීම සහ සාමාන්‍යාධිකාරීවරයාට ඇස්තමේන්තුගත අයවැයක් ඉදිරිපත් කිරීම ඔහු සිදුකළ යුතුය.

2. වෘත්තීයමය ප්‍රගමනය

හෝටල් ගෘහපාලනය යනු කායිකමය වශයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වන රැකියාවක් වන අතර ඊට වෙහෙසී ක්‍රියාකළ යුතුය. මෙම අංශය තුළ ඔබේ රඳාපැවැත්ම උදෙසා ඔබ සතුව ආකල්ප මෙන්ම පූර්ව ක්‍රියාකාරීත්වය ද ඇති බව ඔබ පළමුව සනාථ කළ යුතුය. ඇඳන් කිහිපයක් සූදානම් කිරීමෙන් පසු ඔබට වෙහෙසක් දැනෙන්නේ නම් මෙම අංශය සඳහා වූවක් නොවේ.

2.1 උසස් වීම්

කැපවීමෙන් යුතුව ප්‍රයත්න දැරීමට ඔබ සුදානම් නම් ඔබගේ වෘත්තීයමය දියුණුව ලබා ගැනීම දුෂ්කර කටයුත්තක් නොවේ. අධීක්ෂක මට්ටම වෙත උසස් කිරීම සඳහා සලකා බැලීමට නම් ඔබ ඊට පෙර අවම වශයෙන් වසරක්වත් ප්‍රවේශ මට්ටමේ රැකියාවක සේවය කර තිබිය යුතුය. අධීක්ෂක මට්ටමේ දී ඔබට තවත් කාර්යයන්, වගකීම් සමඟ ඔබ යටතේ සේවය කරන විශාල කාර්ය මණ්ඩලයක් ලැබෙනු ඇත. අවුරුදු 1-3 අතර කාලයක් මෙම මට්ටම තුළ සිට ඔබ රාජකාරි කටයුතු සිදුකළ යුතුය. ඔබ සහායකයෙකුගේ මට්ටම පසු කරන අවස්ථාව වන විට, එය ඔබගේ දියුණුව පහසු කරනු ඇත. කළමනාකාර තනතුර ඇබෑර්තු වූ විට ඒ සඳහා ඔබව පත්කිරීම සම්බන්ධව සලකා බලනු ඇත .

3. දැනුම සහ කුසලතා

3.1 දැනුම

ආගන්තුක සත්කාරක කර්මාන්තය ආශ්‍රිතව ඔබ රැකියාව කරන්නේ නම්, ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව ඔබෙන් අපේක්ෂා කෙරේ. ඒ සඳහා ඔබට ආත්ම විශ්වාසයක් නොමැති ආකාරයක් හැඟෙන්නේ නම් ඔබට ගෘහ පාලන අංශයේ ප්‍රවේශ මට්ටමේ රැකියාවක් ලබා ගැනීම සඳහා උත්සහ කළ හැකිය. අනෙක් අංශ සේම, සුදුසුකම් ලැබීමට නම් ඔබ ඔබගේ පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කර තිබීම අවශ්‍ය වේ.

ප්‍රවේශ මට්ටම

අධීක්ෂක මට්ටම

විධායක මට්ටම

3.2 කුසලතා

4. බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය

මානව සම්පත් කළමනාකරු ඔබේ සුදුසුකම් අන්තර්ගත ලේඛනය (CV) පරීක්ෂාකර ඔබේ පළපුරුද්ද හෝ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ප්‍රශ්න අසනු ඇත. විධායක මට්ටමේ තනතුරක් සඳහා ඔබේ සුදුසුකම් අන්තර්ගත ලේඛනය (Resume) (වාචිකව ද විය හැක) , ඔබ සේවය කළ ආයතන, ඔබ උගත් කුසලතා සහ ඔබ සාක්ෂාත් කරගත් වැදගත් අවස්ථා ආදිය පිළිබඳව තොරතුරු විස්තර කළ යුතුය. සහතික හෝ ඇගයීම් ලබා ඇත්නම් ඒවාද ඔබේ සුදුසුකම් අන්තර්ගත ලේඛනයේ (Resume) සඳහන් කරන්න.

5. වැටුප් පරිමාණය

ප්‍රවේශ මට්ටමේ අනෙකුත් සෑම තනතුරක ආකාරයටම, ආරම්භයේ දී ලැබෙන්නේ මූලික වැටුප ය. මෙය කායිකමය වශයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වන රැකියාවක් බවත්, යම් දියුණුවක් ලබා ගැනීමට පෙර ඔබ අවම වශයෙන් වසරක්වත් සේවය කළ යුතු බවත් මතකයෙහි තබා ගන්න. ප්‍රවේශ මට්ටමේ දී ඔබ රු. 15,000- 20,000 අතර ප්‍රමාණයක වැටුපක් ලබනු ඇත. ඔබට සේවා ගාස්තුවලින් ද ප්‍රතිශතයක් ලැබෙන මුත් එය හෝටල් වර්ගය හා ප්‍රමාණය මත යැපේ.

අධීක්ෂක තනතුරක දී ඔබට රු. 20,000- 30,000 අතර මූලික වැටුපක් ලැබෙනු ඇත. සේවා ගාස්තු සමග හෝටලය විසින් පිරිනමනු ලබන වෙනත් දීමනා සමඟ සම්බන්ධ වූ විට මෙම ප්‍රමාණය ඉහළ යා හැකිය.

කළමනාකාර මට්ටමකදී ඔබ රු. 30,000 සිට ඉහළට උපයනු ඇත.

Women in Tourism

Let her learn, let her explore, let her see the world

Sri Lanka's tourism industry offers a number of career opportunities for women. Here's a glimpse into some of them.

Watch Video