නිපුණතා මධ්‍යස්ථානය

ජනාධිපතිතුමාගේ ජාතික ප්‍රතිපත්ති රාමුව වන ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ මගින් දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් ගොඩනැගීමෙන් රටේ මානව සම්පත සංවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරයි. එසේම එය රටේ ඵලදායී පුරවැසියන් වීම සඳහා අනාගත පරම්පරාවන්ට නව දැනුම හා කුසලතා ලබා දීමේ අවශ්‍යතාවය ද පෙන්වා දෙයි. මෙම රාමුව තරුණ ව්‍යවසායකයින් විසින් මෙහෙයවනු ලබන ආර්ථිකයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කරන අතර ආර්ථිකයේ සෑම අංශයක් තුළම පුළුල් අවස්ථාවන් සහ දිරිගැන්වීම් ලබා දීමට පොරොන්දු වෙයි. සංචාරක සන්ධානය මෙම දැක්ම මෙහෙයවන අතර අපගේ නිපුණතා මධ්‍යස්ථානය සංචාරක කර්මාන්තයේ වර්ධනයට හා ප්‍රගතියට සහාය වීම වෙනුවෙන් ‍ගොඩනගන ලද ප්‍රධාන අංගයකි.

අපගේ නිපුණතා මධ්‍යස්ථානය, සංචාරක කර්මාන්තය තුළ වෘත්තීය අවස්ථාවන්, සහ ඉදිරි මාවත් පිළිබඳ වැදගත් විස්තර හා තොරතුරු, වර්තමාන හා අනාගත කර්මාන්ත සේවකයින් මෙන්ම තරුණ ව්‍යවසායකයින් වෙත ද සපයමින් ඔවුන් සවිබල ගැන්වීමට සහ දැනුවත් කිරීමට කටයුතු කරයි. එය ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ආයතන විසින් සපයනු ලබන ගුණාත්මක ඉගෙනුම් වැඩසටහන් ගැන දැනගැනීමට ඉඩ සලසයි. නිපුණතා මධ්‍යස්ථානය තුළින් සපයා දී ඇති සම්පත් භාවිතයෙන්, සංචාරක කර්මාන්තයේ ඇති විවිධ අවස්ථාවන් ගැන දැන ගැනීමට සහ දැනුම වැඩි කරගැනීමට, කුසලතා ඉහළ නැංවීමට සහ වෘත්තිමය සංවර්ධනයක් ලබා ගැනීමට ඔබව දිරිමත් කරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

වෘත්තීය මාර්ගයන්
වෘත්තීය මාර්ගයන් වැඩි විස්තර
පාඨමාලා
පාඨමාලා වැඩි විස්තර
සංචාරක කර්මාන්තය තුළ සැමට අවස්ථාව
සංචාරක කර්මාන්තය තුළ සැමට අවස්ථාව වැඩි විස්තර