සංචාරක කර්මාන්තය තුළ සැමට අවස්ථාව

සැමට අත දෙමු

සංචාරක ව්‍යාපාරය වනාහි සෑම විටම මිනිසුන් විසින් මෙහෙයවනු ලබන කර්මාන්තයකි. එය නව අත්දැකීම් පිපාසයෙන් පෙළෙන සංචාරකයන්ගෙන් මෙන්ම, සොබාදහම, සංස්කෘතිය, සහ ස්ථානික වටිනාකම වැඩි දියුණු කළ හැකි සංචාරක වෘත්තිකයන්ගේ නොතිත් ආශාවෙන් ද බල ගැන්වුණකි.

ඔබ හෝටල් දාම කිහිපයක් ක්‍රියාත්මක කරන සමූහ ව්‍යාපාරවල සිට, සංචාරකයින් සඳහා සාම්ප්‍රදායික ඉවුම් පිහුම් පන්ති පවත්වන පුද්ගලයන් දක්වාවූ සියලු දෙනාටම ම සංචාරක අංශයේ දොරගුළු විවෘතව තිබේ. එය රැකියා උත්පාදනය කිරීමෙන් සහ ආර්ථික හා සමාජ සංවර්ධනයට පහසුකම් සැලසීමෙන්, ජනතාවගේ ජීවිත වෙනස් කිරීමට සහ සමස්ත ප්‍රජාවටම ධනාත්මක ප්‍රතිලාභ සපයන සුවිශේෂී අංශයකි.

ගෝලීයව ගත් කල, සංචාරක කර්මාන්තය කාන්තාවන් සහ ආබාධිත කණ්ඩායම් වැනි ආර්ථික අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ඇතුළුව සමාජය පුරා සිටින සියලුම පුද්ගලයින්ට අවස්ථා සපයන්නකි. ලොව සංචාරක කර්මාන්තයෙන් 80% ක්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වන බැවින් එය ව්‍යවසායකත්වයේ ඉදිරි ගමන තීරණය කරන්නක් බව පැහැදිලි ය. සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ද විවිධ කුසලතා ඇති පුද්ගලයින් වෙනුවෙන් ස්ථාන ගණනාවක ම රැකියා උත්පාදනය කර තිබේ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ සංචාරක වෘත්තිකයන් විශාල සංඛ්‍යාවක් සිටින බැවින් ව්‍යවසායකත්වය හා නව්‍යකරණය ද කර්මාන්තය තුළට පිළිපන්ව තිබේ.

ආදායම් ඉපැයීමේ අවස්ථා නිර්මාණය කිරීමට, ආර්ථිකය නංවාලීමට සහ ප්‍රජාවන් බලගැන්වීමට සංචාරක කර්මාන්තය සතුව ඇති හැකියාව අප හඳුනාගන්නා සේම, කර්මාන්තයක් වශයෙන්, සැමට අවස්ථාව දීම, සහ විවිධත්වය යන සාධක තුළ අප කොතරම් දුරක් පැමිණ ඇත්ද යන්න සලකා බැලිය යුතුය. අපගේ කර්මාන්තය සමාන අවස්ථා සපයන්නක්ද? කර්මාන්තය තුළ රැකියා ලබා ගැනීමට සැමට ඉඩ සලසන පැහැදිලි හා විනිවිද පෙනෙන ප්‍රතිපත්ති සහ භාවිතයන් අප සතුව තිබේද? නිවැරදි කුසලතා ඇති පුද්ගලයින් සන්නද්ධ කිරීමට උපකාරී වන ප්‍රමාණවත් ඉගෙනුම් හා පුහුණු වැඩසටහන් පවතීද? අප අපෙන්ම ඇසිය යුතුය.

සංචාරක ව්‍යාපාරයේ විවිධත්වය හා සැමට අවස්ථාවන් සැපයීම මගින්, සමාජයේ ආර්ථික අවදානමට ලක්වූවන්ගේ සහ සුළුතර ප්‍රජාවන්ගේ ජීවිත කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරනවා පමණක් නොව, කර්මාන්තය වඩාත් තිරසාර හා වගකීමකින් කටයතු කිරීමට ද මෙහෙයවේ. සංචාරකයන් බහුතරයක අවශ්‍යතා සපුරාගත හැකි ගමනාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාව ස්ථාපිත කිරීමට ද එය දීර්ඝ කාලීනව උපකාරීවනු ඇත.

අප සමග සාකච්ඡාවට එක් වන්න. ඔබේ සංවිධානය තුළ ඔබේ කාර්යභාරය අපට දැනුම් දෙන්න.හරහා අප සමග සම්බන්ධ වන්න.Email us at [email protected]

ඡායාරූපය: ආරුගම්බේ කාන්තා සර්ෆ් සමාජය. ඡායාරූප අයිතිය: Skills for Inclusive Growth

සංචාරක කර්මාන්තය තුළ ධාරිතාවන් සහ අවස්ථාවන් වර්ධනය
සංචාරක කර්මාන්තය තුළ ධාරිතාවන් සහ අවස්ථාවන් වර්ධනය වැඩි විස්තර