මුළුතැන්ගෙය අංශය

මුළුතැන්ගෙය අංශය යනු හෝටලයක ආහාර හා පාන සපයන ක්‍රියාවලියේ උප දෙපාර්තමේන්තුවකි. මෙහි අධීක්ෂණ හා විධායක තනතුරු නිපුණතාපූර්ණ පුද්ගලයින් විසින් දරනු ලබන බැවින් එය විශේෂ අවධානයට ලක්වේ. මෙම ක්ෂ්‍රේත්‍රයේ විශිෂ්ඨයින්ට විශාල ඉල්ලුමක් ඇති අතර, ඔවුන්ට ඉහළ වැටුපක් ද ගෙවනු ලැබේ! මෙය ඉතා සිත් ඇදගන්නාසුළු වෘත්තීයක් ලෙසින් දක්නට ලැබුණද මෙම ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයට පත්වීමට වසර ගණනාවක් වෙහෙස මහන්සි වී වැඩ කිරීමට අවශ්‍ය බව මතක තබා ගන්න.

මුළුතැන්ගෙය අංශය ලෙස හැඳින්වෙන ආහාර නිෂ්පාදන දෙපාර්තමේන්තුව ආහාර පිළිගැන්වීම සඳහා සම්බන්ධ වන අතර බෙදා හැරීම සිදු කරනු ලබන්නේ F&B දෙපාර්තුමේන්තුව විසිනි. ආහාර නිෂ්පාදන දෙපාර්තමේන්තුව ප්‍රධාන මුළුතැන්ගෙය (උණුසුම් හා සීතල), භෝජනාගාර මුළුතැන්ගෙය, සුප් අංශය, පැන්ට්රි අංශය, පේස්ට්‍රි අංශය, බේකරි සහ රසකැවිලි ආදියෙන් සමන්විත වේ.

1. රැකියා භූමිකාවන්

ඇතුළත් වීමේ මට්ටම

අභ්‍යාසලාභී අත්උදව්කරු: පුහුණුවන්නෙක් යනු අවන්හලක් සහ තැබෑරුම පිරිසිදුව හා සනීපාරක්ෂක ලෙස තබා ගැනීමට, පිඟන් පිරිසිදු කිරීමට සහ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට තවමත් ඉගෙන ගන්නා අයෙකි.

මුළුතැන්ගෙයි අත්උදව්කරු: මුළුතැන්ගෙය සනීපාරක්ෂක සහ සැපයුම් ප්‍රමාණවත්ව පවතිනබව සහතික කරමින් මුළුතැන්ගෙයි ගබඩා කිරීම පිරිසිදු කිරීම සහ නැවත අසුරා තැබීම ආදී කාර්යයන් සඳහා අවන්හලකට උදව් කරයි.

ආධුනික / පුහුණු වන්නන්: පූර්ණ කාලීන සූපවේදීන් බවට පත්වීම සඳහා පුහුණු වන අතරම සූපවේදියාට ආහාර පිළියෙළ කිරීමට සහ පිසීමට උදව් කරයි. ඔවුන් ශීතකරණ සහ ගබඩා කාමරවල ආහාර සැපයුම් අධීක්ෂණය කිරීම, අමුද්‍රව්‍ය පිරිසිදු කිරීම හා පිළිගැන්වීම ආදී කටයුතු සිදුකරයි.

කොමි I (Commis I): Commis I සූපවේදීන් ආහාර පිළියෙළ කරන අතර මෙහෙයුම් ප්‍රමිතීන්ට අනුකූලව ආචාරශීලී හා වෘත්තීයමය සේවාවක් සැපයීමට සහතික වේ. පිසීමේදී සුස් චෙෆ්ට (Sous chef) සහාය වීම සහ සියලුම ස්ථානයන්හි පිරිසිදු බව සහතික කිරීම සඳහා ද වගකිව යුතුය.

කොමි II (Commis II): දෛනික ආහාර පිළියෙල කිරීම සහ නියමිත ප්‍රමිතියට අනුකූලව පවරා ඇති රාජකාරි ඉටුකිරීම සඳහා කොමි II වගකිව යුතුය. ඩෙමි චෙෆ් ඩි පාර්ටී (Demi Chef de Partie) or කොමි I සූපවේදීන් සඳහා ද සහාය වනු ඇත.

කොමි III (Commis III): මුළුතැන්ගෙය තුළ මිස් ඒන් ප්ලේස් (mise en place) කොටස සූදානම් කිරීම, සියළුම ආහාර පිරිනැමීම සහතික කිරීම සඳහා චෙෆ් ඩි පාර්ටී (Chef de Partie) හට සිය රාජකාරි සඳහා සහාය වීම. කොමි II සහ කොමි I සඳහා ද සහාය වනු ඇත.

අධීක්ෂණ මට්ටම

සහකාර ප්‍රධාන සහයක: පිඟන් භාණ්ඩ, හැඳි ගෑරුප්පු සහ වීදුරු භාණ්ඩ ආදී සියලු උපකරණ අඩංගු භාණඩ ලේඛන කළමනාකරණය කරයි. F&B කණ්ඩායම සඳහා පිරිසිදු හා ආරක්ෂිත සේවා පරිසරයක් සහතික කිරීම සඳහා ස්ටුවඩ් කණ්ඩායම කළමනාකරණය කරයි.

ඩෙමි චෙෆ් ඩි පාර්ටී (Demi Chef de Partie): ආහාර පිළියෙල කිරීම සහ පිසීම සඳහා ඩෙමි චෙෆ් ඩි පාර්ටී වගකිව යුතුය. උදේ ආහාරය, දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය සඳහා මුළුතැන්ගෙයෙහි සෑම ප්‍රදේශයකටම සහාය වීම. මුළුතැන්ගෙය පිරිසිදු හා පිළිවෙලට තබා ගැනීමට වගබලා ගැනීම.

චෙෆ් ඩි පාර්ටී (Chef de Partie): චෙෆ් ඩි පාර්ටී මුළුතැන්ගෙයෙහි කොටසක් අධීක්ෂණය කරයි, එය පේස්ට්‍රි, මස්, මාළු, සෝස්, එළවළු හෝ වෙනත් යමක් වීමට පුලුවන. රැකියාව ඇතැම් විට ස්ටේෂන් චෙෆ් (station chef) හෝ ලයින් කුක් (line cook) ලෙස හඳුන්වන්නේ මේ නිසා ය. විශාල මුළුතැන්ගෙයි, සාමාන්‍යයෙන් Chef de Partie ට සහාය වන්නේ ඩෙමි චෙෆ් ඩි පාර්ටී, කොමි හෝ පුහුණු සූපවේදියෙකි.

විධායක මට්ටම

ප්‍රධාන සහයක: පැන්ට්රි සහ ගබඩා කාමරයේ කටයුතු සම්බන්ධීකරණය කිරීම, ඉවුම් පිහුම් හැර මුළුතැන්ගෙයි වන අනෙකුත් සේවකයින් අධීක්ෂණය කිරීම, සැපයුම් හා උපකරණ මිලදී ගැනීම සිදුකරයි. එමෙන්ම මුළුතැන්ගෙය, වැඩ කාමර, ගබඩා කාමර සහ උපකරණයන්හි පිරිසිදුකම පරීක්ෂා කරයි.

කනිෂ්ඨ සුස් චෙෆ්: කනිෂ්ඨ සුස් චෙෆ්, අතිරේක සුස් චෙෆ් කෙනෙකුගේ සහායක ලෙස කටයුතු කරයි, එයින් අදහස් කරන්නේ ඉන්වෙන්ටරි, මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩල කළමනාකරණය සහ ආහාර පිළියෙල කිරීම වැනි එකම රාජකාරි හා වගකීම් සඳහා ඔවුන් ද වගකිව යුතු බවයි.

විධායක සුස් චෙෆ්: මෙම පුද්ගලයා විධායක සූපවේදීන්ට සමස්ත ක්‍රියාකාරිත්වය සඳහාම සහාය වනු ඇත. ආගන්තුකයන්ගේ තෘප්තිමත්බව සහතික කිරීම, සංවිධානය කිරීම, මඟපෙන්වීම සහ මුළුතැන්ගෙයි ක්‍රියාකාරිත්වය සහ පරිපාලන කටයුතු මෙහෙයවීම ඔහු සතු ය.

පේස්ට්රි සුස් චෙෆ්: පේස්ට්රි සහ අතුරුපස සඳහා වගකිව යුතු මුළුතැන්ගෙයි කණ්ඩායමට උපදේශකයෙකු ලෙස කටයුතු කළ යුතුය. සමස්ත මුළුතැන්ගෙයි කළමනාකරණය සඳහා සුස් චෙෆ් සහාය වේ. සතිය සැලසුම් කරයි, සේවා මුර හසුරුවයි, කණ්ඩායමට රාජකාරි පවරයි.

විධායක සූපවේදී: විධායක සූපවේදියෙක් අවන්හල් සහ හෝටල් මුළුතැන්ගෙයි දෛනික කටයුතු අධීක්ෂණය කරයි. නවක සේවකයන් බඳවා ගැනීම පුහුණුකිරීම හා මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලය අධීක්ෂණ එයට ඇතුළත් වේ. සූපවේදී කළමණාකරු හෝ ප්‍රධාන සූපවේදියා ලෙසද හැඳින්වේ.

2. වෘත්තීමය ප්‍රගතිය

හෝටල් ක්ෂේත්‍රයේ ඇතැම් අංශයන් මෙන් නොව, මුළුතැන්ගෙය අංශයෙහි ප්‍රගතිය සඳහා කෙටි මාවතක් නොමැත. ඔබ සාමාන්‍ය පෙළ සුදුසුකම් සහිතව ප්‍රවේශ මට්ටමේ සිට ආරම්භ කරන්නේ නම්, අධීක්ෂණ හෝ විධායක මට්ටමේ තනතුරු කරා යාමට ඔබට තවත් බොහෝ කුසලතා පූර්ණ කර ගැනීමට අවශ්‍ය වනු ඇත. අවශ්‍ය සියලු කුසලතා ස්වයං-අධ්‍යයනය කළ නොහැක. බොහෝ විට විධායක සූපවේදීන් ගත්කල ඔවුන් සූපශාස්ත්‍ර පාසල්වල ඉගෙන ගෙන පුහුණුව ලබා ඇති බව ඔබට වැටහෙනු ඇත.

2.1 උසස්වීම්

මෙම අංශය තුළ උසස්වීම් රේඛීය අයුරින් සිදුකෙරේ. ඔබට පුහුණු අත්උදව්කරුවෙකු සිට සහකාර ප්‍රධාන සහයක දක්වා ඉදිරියට යා හැකිය, නමුත් සුස් චෙෆ් කෙනෙක් ලෙස පත්විය නොහැක. මෙයට හේතුව එක් එක් තනතුර සඳහා අවශ්‍ය විවිධ කුසලතා සමූහයක් පැවතීමයි. කලින් සඳහන් කළ පරිදි, සූපවේදියෙකු වීමට ඔබට විශේෂ කුසලතාව, අමතර දැනුම සහ අත්දැකීම් රාශියක් අවශ්‍ය වේ. මෙම ක්ෂේත්‍රයට පිවිසීමෙන් පසු, ඔබට සූපවේදී හෝ සහයක තනතුරට යාමට අවශ්‍ය දැයි ඔබ තීරණය කළ යුතුය. තීරණය ගත් පසු, ඔබ නිරන්තරයෙන් ඉගෙනීම හා වෙහෙස මහන්සි වී වැඩ කිරීම සඳහා උනන්දු වීම අවශ්‍ය වේ.

ඔබේ ක්‍රියාපටිපාටිය යටතේ ඔබට මනා පළපුරුද්දක් හා විශේෂඥ හැකියාවක් පවතින්නේ නම්, ඔබට කීර්තිමත් සූපවේදීන්ගේ සංසදයේ සාමාජිකයෙකු විය හැකිය. දේශීය හා විදේශීය වශයෙන් සූපශාස්ත්‍ර තරඟ සඳහා එම සූපවේදීන් සහභාගී වේ.

3. දැනුම හා කුසලතා

3.1 දැනුම

ඔබේ අභිලාෂය සූපවේදියෙකු වීමට නම් සහ ඔබ තවමත් උසස් අධ්‍යාපනය හදාරමින් සිටින අතරතුර, අත්උදව්කාරුවෙකු ලෙස අවන්හලක හෝ හෝටලයක සේවය කිරීම පිළිබඳ සලකා බලන්න. මෙම අංශයට ඇතුළුවීමේ පළමු පියවර වන්නේ හොඳ අධ්‍යාපනයක් තිබීම පමණක් නොව අත්දැකීම් ද පැවතීමයි. බොහෝ හෝටල් ඔබව ආධුනිකයෙකු ලෙස බඳවා ගැනීමට ඉඩ තිබේ.

ඇතුළත් වීමේ මට්ටම

අධීක්ෂණ මට්ටම

අධීක්ෂණ මට්ටමට ළඟාවීම සඳහා ඔබ හෝටල් මෙහෙයුම් සහ කළමනාකරණ හෝ සූපශාස්ත්‍ර පාසලක මූලික සහතිකපත්‍රයක් හෝ ඩිප්ලෝමාවක් සම්පූර්ණ කර තිබිය යුතුය. කෙසේ වෙතත්, මෙය පමණක් ප්‍රමාණවත් නොවේ. ඔබට විවිධ තනතුරු යටතේ වැඩ කිරීමේ අවම වශයෙන් අවුරුදු 1 හෝ 2 ක පළපුරුද්දක් පෙන්වීමට අවශ්‍ය වනු ඇත.

ඔබ සූපවේදියෙකු වීමට අදහස් කරන්නේ නම්, ඔබය ඉහළට ඉගෙනගැනීම සඳහා අභිලාෂය තිබිය යුතුය. ඒ හෝටල් මෙහෙයුම් පිළිබඳ මූලික ඩිප්ලෝමාවක් ප්‍රමාණවත් නොවන අතර සූපශාස්ත්‍ර කලාව වැනි ක්ෂේත්‍රයක් පිළිබඳ විශේෂඥ දැනුමක් අවශ්‍ය වේ.

විධායක මට්ටම

අවන්හලක විධායක සූපවේදීන් වීමට අපේක්‍ෂා කරන අයට සූප ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගත හැකිය. එහිදී ඔබට ආහාර පිසීමට පමණක් නොව ආහාර හා සේවා සපයන ආයතන කළමනාකරණය කරන්නේ කෙසේද යන්නත් උගන්වනු ලැබේ, මන්ද ඔවුන් මූල්‍ය හා භාණ්ඩ ලැයිස්තු කළමනාකරණය සහ මිලදී ගැනීම වැනි ව්‍යාපාරික අංග ද ගවේෂණය කරයි. ඔබ සූපශාස්ත්‍ර කලාව පිළිබඳ උපාධියක් හැදෑරීමට අදහස් කරන්නේ නම්, ඔබට අවශ්‍ය අත්දැකීම් ලබා දෙන මුළුතැන්ගෙයි වෘත්තීමය සූපවේදීන් විසින් අධීක්ෂණය කරනු ලබන පුහුණුව ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.

3.2 නිපුණතා

4. බඳවා ගැනීමේ ක්‍රියාවලිය

මුළුතැන්ගෙයි අංශයේ රැකියාවක් සඳහා අයදුම් කිරීමේදී හෝටල් ක්ෂේත්‍රයේ අනෙකුත් අංශ මෙන්ම, ඔබ පිළිබඳ හැඳින්වීමක්, ඔබගේ අතීත වාර්තා සහ නිර්දේශකිරීම් ප්‍රයෝජනවත් වනු ඇත. මානව සම්පත් කළමණාකරුවන් ඔබ මීට පෙර දැරූ සෑම තනතුරක්ම සෝදිසි කර බලන අතර, ඔබ පාසැල් හැරගිය අයෙකු නම්, කිසියම් කාර්යයක් පැවරීමට පෙර ඔබව මාස කිහිපයක් පරිවාස කාලයකට යටත් කරනු ඇත. දැනටමත් හෝටල් හෝ ආගන්තුක සත්කාර අංශයේ සේවය කරන පුද්ගලයන් සමඟ කතාබස් කර තොරතුරු දැනගැනීම නුවණට හුරුය. ආරම්භයේදීම රැකියාව හෝ වැටුප චමත්කාරජනක නොවේ, එබැවින් ඔබ තීරණයක් ගැනීමට පෙර ඔබ යොමු වන්නේ කුමකට දැයි දැන ගැනීම වඩාත් සුදුසුය.

5. වැටුප් පරිමාණය

පුහුණුවන්නෙකු හෝ භාරකරුවෙකු සඳහා ආරම්භක වැටුප සාමාන්‍යයෙන් රු.15,000 ත් 25,000 ත් අතර වේ. සතුටුදායක කරුණක් වන්නේ ඔබ සේවා මුරයකට අනුව වැඩ කරන බැවින් ඔබට නිවාඩු ලබා ගත හැකි බවයි. ඔබේ වැටුප වැඩි කරන සේවා ගාස්තුවක් ද ඔබට ලැබෙනු ඇත.

ඔබ අධීක්ෂණ මට්ටමකට ළඟා වූ පසු, ඔබට පැවරෙන රාජකාරි හා වගකීම් ලැයිස්තුව සමඟ ඔබේ වැටුප වැඩි වේ. ප්‍රවේශ මට්ටමේ සේවකයින්ට වඩා සේවා ගාස්තුවෙන් වැඩි ප්‍රතිශතයක් ඔබට ලැබෙනු ඇත. ඔබ රු.30,000 සිට අවම වශයෙන් රු.45,000 වැටුපක් උපයා ගත හැක.

විධායක මට්ටමින්, ඔබේ වැටුප දෙගුණයකට වඩා වැඩි වනු ඇත. අත්දැකීම් මත පදනම්ව පමණක් නොව, විශේෂඥ දැනුම ද මේ සඳහා හේතු වේ. ඔබ සූපවේදියෙකු ලෙස මේසය වෙතට පිළිගන්වන දේ සහ ආයතනික ලාභයට ඔබ සහය වන්නේ කෙසේද යන්න ඔබගේ වැටුපට බලපානු ඇත. ඔබ විධායක මට්ටමට ළඟා වන විට ඔබ වසර ගණනාවක අත්දැකීම් හිමිකරගෙන ඇති අතර, ඔබ විදේශ පුහුණු පවා හිමිවිය හැක.

Career Guidance for Tourism

Find Your Passion

Learn how career guidance can help you discover your passion.

Watch Video

Women in Tourism

Let her learn, let her explore, let her see the world

Sri Lanka's tourism industry offers a number of career opportunities for women. Here's a glimpse into some of them.

Watch Video