සුවතාවය සහ ආයුර්වේදය

සුවතා සංචාරක ව්යාපාරය (wellness tourism) ගෝලීය සංචාරක කර්මාන්තයේ වේගයෙන් වර්ධනය වන අංශයකි. බොහෝ සංචාරකයන් තම නිවාඩුව ගත කිරීම සඳහා සුවදායී අත්දැකීම් සොයයි. මෙය ආයුර්වේදීය වෙදකම් හෝ ශරීර සම්බාහනයට පමණක් සීමා නොවන අතර, යෝගා, භාවනා වැනි ශාරීරික හා මානසික සෞඛ්යමය අත්දැකීම් දක්වා විහිද යන්නකි. ගෝලීය ශරීර සුවතා ආයතනය (Global Wellness Institute) ඇස්තමේන්තු කර ඇති පරිදි මෙම ක්ෂේත්රයේ වාර්ෂික මූල්ය ඉපැයුම ඩොලර් බිලියන 639 ක් වන අතර එහි වර්ධන වේගය වසරකට 6.5% ක් වේ.

ආයුර්වේදය සමඟ ශ්රී ලංකාවට ඇති ඓතිහාසික සබඳතාවය නිසා සංචාරක ශරීර සුවතා ව්යාපාරයට වැඩි වටිනාකමක් ලැබී තිබේ. ශ්රී ලංකාවට පැමිණෙන අමුත්තන් ආයුර්වේද ප්රතිකාර අත්විඳීමටත්, දුර බැහැර ප්රදේශවලට යාමටත්, විවේකීව කාලය ගත කිරීමටත් කැමැත්තක් දක්වයි.

ගෝලීය සංචාරක කර්මාන්තය පිළිබඳ පුවත් ගෙන එන ට්රැවල් වීක්ලි (Travel Weekly) පුවත්පතට පෙන්වා දෙන්නේ, කොවිඩ්-19 වසංගතයෙන් පසුව සංචාරකයින් ශරීර සුවතා අත්දැකීම් සඳහා වැඩි ප්රමුඛතාවයක් දක්වන බවයි.

ශරීර සුවතා සංචාරක ව්යාපාරයේ ආකාර දෙකක් තිබේ:

මානසික සුවතාව යනු කෙනෙකුගේ චිත්තවේගීය, බුද්ධිමය හා අධ්යාත්මික යහපැවැත්ම වැඩි දියුණු කිරීමයි. ශාරීරික සුවතා සංචාරක ව්යාපාරයට ශරීර සම්බාහනය, යෝගා සහ කායික විෂහරණය (Detoxification) යනාදිය ඇතුළත් වේ. ශ්රී ලංකාවේ සංචාරක ශරීර සුවතා ව්යාපාරය යනු මේ දෙකේම එකතුවකි.

රැකියා භූමිකාවන්

ආයුර්වේද වෛද්යවරයා: ආයුර්වේද වෛද්යවරයකු යනු, නමින් කියැවෙන්නාක් සේම ආයුර්වේදය පිළිබඳ මනා දැනුමක් ලැබූ, සහතික ලත් වෛද්යවරයෙකි. ඔවුන් දේශීය ආයුර්වේදය සම්බන්ධ අත්දැකීම් සහ දැනුමෙන් පොහොසත් වන අතර පුද්ගලයෙකුගේ දේහ යහපැවැත්ම වෙනුවෙන් වෛද්ය උපදෙස් දෙනු ඇත. ඔවුන් සුවතා ආයතනයක ප්රධානියා විය හැකිය.

යෝගා උපදේශක: යෝගා උපදේශකවරයාගේ ප්රධාන රාජකාරිය වන්නේ යෝගා සැසිවාරයකට කණ්ඩායමක් මෙහෙයවීම සහ විවිධ මට්ටමේ යෝග ව්යායාම සඳහා ක්රමවේද සකස් කිරීමයි. මෙම පුද්ගලයාට පරිපාලන කටයුතුවල නිරත වීමටත්, තනි පුද්ගල පන්ති පැවැත්වීමටත් සිදුවිය හැකි ය.

සම්බාහන චිකිත්සක (Massage Therapist): සම්බාහන චිකිත්සකයෙකු සේවාදායකයින්ට චිකිත්සක සම්බාහන සේවා සපයයි. මානසික ආතතිය, වේදනාව සහ වෙනත් රෝග වලට සහනය සැපයීමට ඔවුන් සගන්ධ තෙල් සහ පැරණි තාක්ෂණික ක්රම භාවිතා කළ හැකිය. ආයුර්වේද සම්බාහන චිකිත්සකයින් ඊට අමතරව ආයුර්වේද ක්රමවේදයන් ද භාවිතා කරයි. කෙසේ වෙතත් ඔවුන්ගේ අරමුණ සමාන ය. බොහෝ හෝටල් සහ නිවාඩු නිකේතන වල ඔවුන්ම පවත්වාගෙන යන ශරීර සම්බාහන මධ්යස්ථාන ඇති අතර ඒවායේ සේවය සඳහා සම්බාහන චිකිත්සකයින් යොදවයි.

භාවනා ආචාර්යවරයා: භාවනා ආචාර්යවරයෙක් යනු සාමාන්යයෙන් පුද්ගලයෙකුට මානසික පැහැදිලිකම, ස්ථාවරත්වය, සාමය පිළිබඳ හැඟීමක් සහ භාවනා පුරුදු තුළින් සන්සුන් වීමට මඟ පෙන්වන පුද්ගලයෙකි.

පිලාටීස් (Pilates) උපදේශක: යෝගා උපදේශකයෙකු මෙන්, පිලාටීස් උපදේශකයෙකු ව්යායාම, සිහිය පැවැත්වීමේ භාවනා ක්රම, පිලාටීස් යෝග්යතා වැඩසටහන් පිළිබඳ විශේෂ පන්ති මෙහෙයවනු ඇත. ඔවුන්ගේ රැකියාවේ කොටසක් ලෙස ඔවුන්ට වැඩසටහන් සම්පාදනය කර පරිපාලන කටයුතු කිරීමට ද සිදුවනු ඇත.

යෝග්යතා (Fitness) උපදේශක: යෝග්යතා උපදේශකයෙකු පුද්ගලික පුහුණුකරුවෙකු ලෙසද හැඳින්වේ. මෙම පුද්ගලයින් සේවාදායකයින්ට ඔවුන්ගේ ශාරීරික යෝග්යතාවය හෝ දේහ බර අඩු කර ගැනීමේ ඉලක්ක සපුරා ගැනීමට උපකාරී වනු ඇත. ඔවුන් සාමාන්යයෙන් සහතික ලද, ඉහළ නිපුණතාවයක් ඇති අය වන අතර හෝටල්වල සහ නිවාඩු නිකේතන වැනි වෙනත් ආයතනවල සරඹ ශාලාවල සේවය කරති.

පෝෂණවේදීන්: ශාරීරික යහපැවැත්මේ විශාල කොටසක් පදනම් වී ඇත්තේ නිරෝගීව සිටීම මත ය. සෞඛ්ය සම්පන්න වීමට නම් පෝෂ්යදායී ආහාර පරිභෝජනය කළ යුතුය. පෝෂණවේදියෙකු පුද්ගලයෙකුගේ යෝග්යතා ඉලක්කවලට ගැලපෙන ආහාර තෝරා ගැනීම සඳහා මඟ පෙන්වයි. සමහර විට පෝෂණවේදියෙකුට පෝෂණ ඌණතාවයන් හෝ පෝෂණයට අදාළ රෝගාබාධ හඳුනා ගැනීමටත් ආහාර සැලසුම් වැනි සුදුසු විසඳුම් ලබා දීමටත් හැකි වේ. ශාරීරික යහපැවැත්ම කේන්ද්ර කරගත් නිවාඩු නිකේතන සහ ශරීර සම්බාහන ආයතන ඔවුන්ගේ සේවාදායකයින්ගේ ආහාර හා ජීවන රටාව සුවදායී කරවීම සඳහා පෝෂණවේදීන් යොදවයි.

වෘත්තීය ප්රගතිය

හෝටල් අංශයේ බොහෝ වෘත්තීන් මෙන් නොව, සංචාරක සුවතා කර්මාන්තය තුළ රැකියා භූමිකාවන් හිටිහැටියේ මාරු කල නොහැක. කෙනෙක්ට අද ආයුර්වේද සම්බාහන චිකිත්සකයෙකුව සිට ඊළඟ සතියේ පෝෂණවේදියෙකු විය නොහැකිය. මෙම සෑම රැකියා භූමිකාවකටම විවිධ කුසලතා, දැනුම සහ පළපුරුද්ද අවශ්ය වේ. ශාරීරික යෝග්යතා පුහුණුකරුවන් සහ ආයුර්වේද වෛද්යවරුන් වැනි තනතුරු සඳහා වෘත්තීය ආයතනවල සහතික කිරීම් සහ සාමාජිකත්වය අවශ්ය වේ.

උසස්වීම්

කලින් සඳහන් කළ පරිදි, එක් රැකියාවක සිට තවත් රැකියාවකට හිටිහැටියේ මාරු කල නොහැක. එබැවින් උසස් වීමක් යනු නියෝජ්ය හෝ සහකාර තනතුරක සිට ප්රධාන රැකියාව දක්වා වේ. උදාහරණයක් ලෙස සහකාර සම්බාහන චිකිත්සකවරයකුගේ සිට ප්රධාන චිකිත්සකවරයා දක්වා පැමිණිය හැකිය. මෙවැනි උසස්වීමක් සඳහා අදාල පුද්ගලයා නව නිපුණතා මාලාවක් ඉගෙන ගත යුතුය.

දැනුම හා කුසලතා

දැනුම

ආයුර්වේද වෛද්යවරයා: ඔබ ආයුර්වේද වෛද්ය හා ශල්ය වෛද්ය උපාධිය සඳහා BAMS අනුගමනය කළ යුතුය. එය සාමාන්යයෙන් අවුරුදු පහ හමාරක වැඩසටහනකි. වෛද්ය විද්යාව මෙන්ම එය ද දැඩි අධ්යයන ක්ෂේත්රයකි. ශ්රී ලංකාව ආයුර්වේද වෛද්ය විද්යාවේ නිවහනක් වන අතර, ජාතික වශයෙන් ද පිළිගැනීමකට ලක්වූ මෙම විෂය පිළිබඳ අධ්යයන අවස්ථා රැසක් තිබේ.

නිපුණතා:

යෝගා උපදේශක: ඔබට යෝගා පුහුණුකරුවෙකු වීමට අවශ්ය නම් පුහුණු වැඩසටහනක් සම්පූර්ණ කළ යුතුය. ශාරීරික යෝග්යතාවය හෝ සෞඛ්ය විද්යාව පිළිබඳ උපාධියක් තිබීම ඔබට උපකාරී වනු ඇති නමුත් පමණක් ප්රමාණවත් නොවේ. විශේෂිත පුහුණු වැඩසටහනක් හෝ යෝගා පිළිබඳ සහතිකයක් ලබා තිබීම අනිවාර්ය වේ. ගෝලීය යෝගා සන්ධානය (www.yogaalliance.org). වැඩි දියුණු කරන ලද පැය 200 ක පාඨමාලාව පුළුල් ලෙස පිළිගත්, බලයලත් ගුරු පුහුණු මාවතකි. ලියාපදිංචි යෝගා ගුරුවරයෙකු (RYT) විය හැක්කේ මෙහි උපාධිධාරීන්ට පමණි.

නිපුණතා:

සම්බාහන චිකිත්සක: සම්බාහන චිකිත්සකයෙකු වීමට නම් ඔබ න්යායාත්මක අධ්යයනය සහ ප්රායෝගික අධ්යයනය යන දෙකම සම්පූර්ණ කළ යුතුය. ඔබ වෛද්ය පාරිභාෂිතය, සම්බාහන ආචාර ධර්ම, කායික විද්යාව සහ ව්යුහ විද්යාව උගන්වන සම්බාහන චිකිත්සක පාඨමාලාවක් සම්පූර්ණ කළ යුතුය. අනතුරුව ප්රායෝගික පුහුණුව ලැබිය යුතුය. සහතිකයක් ලබා ගැනීම සඳහා ඔබ සහතිකපත්ර විභාගයක් සමත් විය යුතුය. ඔබට සාමාජිකයෙකු විය හැකි ජාත්යන්තර හා වෘත්තීය සංගම් ගණනාවක් තිබේ.

නිපුණතා:

භාවනා ආචාර්යවරයා: ලොව පුරා ඉහළ පුහුණුව ලත් හා පිළිගත් භාවනා ආචාර්යවරුන් සඳහා වැඩි ඉල්ලුමක් පවතී. එයට ඉල්ලුමක් පවතිනවා සේම ඉහළ තරඟකාරිත්වයක් ද ඇති අතර භාවනා කිරීමට කැමති අයට මිස, සෙසු අයට ඉදිරියට යාම අපහසුය. ඩිප්ලෝමාවක් පමණක් නොව, ඔබ භාවනා ගුරු පුහුණු පාඨමාලා හදාරා සහතිකපත්ර ලබාගත යුතුය.

නිපුණතා:

පිලාටීස් (Pilates) උපදේශක: යෝගා උපදේශකයෙකු මෙන්, පිලාටීස් උපදේශකයෙකුට විශේෂිත පුහුණු වැඩසටහන් සහතිකයක් අවශ්ය වේ. පිලාටීස් ගුරුවරුන් සඳහා ප්රකට වෘත්තීයවේදී සංගමයක් ලෙස Pilates Method Alliance දැක්විය හැකිය. ඔබට Certified Pilates Teacher (සහතික ලත් පිලේට්ස් ගුරුවරයකු (CPT) ලෙස සේවය කිරීමට මෙම සංගමයේ පුහුණුවෙන් පසුව හැකිවේ.

නිපුණතා:

ශාරීරික යෝග්යතා උපදේශක: ශාරීරික යෝග්යතා උපදේශකයෙකු හෝ පුද්ගලික පුහුණුකරුවෙකු වීම ලාභදායී වෘත්තීය මාර්ගයක් විය හැකිය. පුද්ගලික පුහුණුකරුවකු වීම නම්යශීලී රැකියාවක් වනු ඇති අතර පාසල් අධ්යාපනයෙන් පසුව සම්පූර්ණ කරන ලද සෞඛ්ය විද්යාව පිළිබඳ මූලික ඩිප්ලෝමාවක් ප්රමාණවත් වේ. ශාරීරික යෝග්යතාවය පිළිබඳ උපාධියක් හෝ අවම වශයෙන් වෘත්තීය සහතිකයක් ලබා ගැනීම වඩා වැදගත් වේ. ඇතැම් ආයතන ඔබ සතුව ප්රථමාධාර සහ CPR සම්බන්ධ සහතිකයක් තිබේදැයි පරීක්ෂා කළ හැකිය.

නිපුණතා:

පෝෂණවේදීන්: පෝෂණවේදියෙකු වීමට සෞඛ්ය විෂයයන් පිළිබඳ සහතිකයක් හෝ ඩිප්ලෝමාවක් පමණක් ප්රමාණවත් නොවේ. ඔබට සෞඛ්යය, පෝෂණය හෝ අදාළ ක්ෂේත්රය සම්බන්ධ උපාධියක් තිබිය යුතුය. උපාධිය ලැබීමෙන් පසු, ඔබට මෙම ක්ෂේත්රයේ විශේෂඥතාවයක් ලබා ගැනීම සඳහා සීමාවාසික වැඩසටහනකට සහභාගී විය හැකිය.

නිපුණතා:

බඳවා ගැනීමේ ක්රියාවලිය

අනෙකුත් රැකියාවල මෙන්ම, මෙම තනතුරු සඳහා ද බඳවා ගැනීමේ ක්රියාවලියක් ඇත. මෙම තනතුරු සඳහා අධ්යයන සුදුසුකම් පමණක් අවශ්ය නොවන හෙයින්, ඔබේ පෙර සේවා යෝජකයන්ගෙන් ලද නිර්දේශ කිරීම්, වෘත්තීය සංගම්වල සාමාජිකත්වය සහ ඔබේ උනන්දුව හා අඛණ්ඩතාව පරීක්ෂා කිරීමට මානව සම්පත් කළමනාකරුවන් (HR) කටයුතු කරනු ඇත.

වැටුප

කලින් සඳහන් කළ පරිදි, මේවා නිපුණතාවයන්ගෙන් යුතු අය දරන තනතුරු බැවින්, ඉහළ වැටුප් ඇති අතර සේවායෝජකයා විසින් වැඩි සැලකිල්ලක් දක්වනු ලබයි. ආරම්භක වැටුප රු. 35,000 සිට රු.100,000 හෝ ඊට වැඩි වේ.