පරිසරවේදීන්

පරිසරවේදියෙකුගේ මූලික වගකීම් වන්නේ දැනුවත් කිරීම සහ සංරක්ෂණය කිරීම තුළින්, ස්වාභාවික වාසස්ථානයක් ආරක්ෂා කිරීම, ප්‍රතිෂ්ඨාපනය කිරීම, නඩත්තු කිරීම සහ රැකගැනීමයි. මෙම රැකියාවන්ට අදාළ වගකීම් අතරට ඉගැන්වීම, ජනතාව ඉදිරියේ කථා පැවැත්වීම, ලිවීම, විද්‍යාත්මක හා පාරිසරික ප්‍රදර්ශන සිදු කිරීම සහ මහජන සම්බන්ධතා සහ පරිපාලනමය කාර්යයන් ඉටු කිරීම ඇතුළත් වේ. පරිසරවේදීන් පෞද්ගලික සොබාදහම් මධ්‍යස්ථාන, ජාතික උද්‍යාන හා වනාන්තර, වනජීවී කෞතුකාගාර, ස්වාධීන ලාභ නොලබන සංරක්ෂණ හා ප්‍රතිසංස්කරණ සංගම් සහ හෝටල් ඇතුළු විවිධ පරිසරයන් තුළ සේවය කළ හැකිය.

1. රැකියා භූමිකාවන්

ඇතුල් වීමේ මට්ටම

ස්වේච්ඡා / සංචාරක සමයේ සේවක (volunteer/seasonal employee): ඔබ, පරිසරය පිළිබඳව සැලකිලිමත් වන, පරිසරවේදියෙක් ලෙස තම වෘත්තීමය තත්වය ගොඩනගාගැනීමට බලාපොරොත්තු වන අයෙක්නම්, එහි ආරම්භය සඳහා හොඳම ස්ථානය මෙයයි. ඔබට විවේකයක් ලැබුණු මොහොතක හෝ සංචාරක සමයේ ස්වේච්ඡා සේවකයෙක් ලෙසින් ඔබව අවශ්‍යකරන උද්‍යානයක හෝ වෙනත් ස්ථානයක සේවය සඳහා සම්බන්ධ විය හැක.

අධීක්ෂණ මට්ටම

පරිසරවේදියා: පරිසරවේදියා යනු පරිසරයේ සමතුලිතතාවයක් පවත්වා ගැනීමට සහාය වන අයෙකි. ස්වාභාවික වාසස්ථානවල ජීවත් වන, ශාක සහ සතුන් ආරක්ෂා කිරීමේ හා සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව මිනිසුන්ට හෝ අමුත්තන්ට උගන්වනු ලබන්නේ පරිසරවේදියා විසිනි. මෙය සිදු කරන්නේ ශාක සහ සතුන්ගේ ස්වාභාවික වාසස්ථාන අමුත්තන්ට පෙන්වීමෙනි. වනෝද්‍යාන වල කටයුතු කරන පරිසරවේදියා විසින් වනෝද්‍යානය ප්‍රවර්ධනය කරනුයේ ආදායම් උත්පාදනය කිරීමේ අරමුණින් වන අතර වනෝද්‍යානයේ ශාක හෝ සත්ව විශේෂ පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කරයි. හෝටලයක හෝ නිවාඩු නිකේතනයකදී, පරිසරවේදියාගේ කාර්යභාරය වන්නේ හෝටලයේ ආසන්න පරිසරය මෙන්ම අවට ස්වාභාවික පරිසරය පිළිබඳව අමුත්තන් දැනුවත් කිරීමයි.

විධායක මට්ටම

සංරක්ෂණ අධ්‍යක්ෂක: අයවැය, කාර්ය මණ්ඩල වැඩ කාලසටහන්, ස්වදේශික වාසස්ථාන ප්‍රතිෂ්ඨාපනය, යටිතල පහසුකම් නඩත්තු කිරීම, නරඹන්නන්ගේ ආරක්ෂාව සහ මහජන / ස්වේච්ඡා අන්තර්ක්‍රියා සම්බන්ධයෙන් ඔහුගේ / ඇයගේ කණ්ඩායම කළමනාකරණය කිරීමේ වගකීම සංරක්ෂණ අධ්‍යක්ෂවරයා සතු වේ. මෙම පුද්ගලයා සමස්ත සංරක්ෂණ වැඩසටහන අධීක්ෂණය කරනු ඇත.

2. වෘත්තීමය ප්‍රගතිය

මෙම ක්‍ෂේත්‍රයේ වැඩ කිරීම සඳහා ඔබ විෂය පිළිබඳව දැඩි උනන්දුවක් පැවතිය යුතුය. මෙම ක්‍ෂේත්‍රයට පිවිසෙන බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ වෘත්තීය ප්‍රගතිය කෙරෙහි නොව, සංරක්ෂණයට දායක වීම සහ පරිසරයට යහපත් බලපෑමක් ඇති කිරීම කෙරෙහි ය. එනිසා මෙය ඉතා තරඟකාරී වෘත්තියක් නොවන අතර ඔබේ වෘත්තීය ප්‍රගතිය සිතියම්ගත කිරීම ඔබ සතු ය.

3. දැනුම හා කුසලතා

3.1 දැනුම

ඔබ උසස් පෙළ (විද්‍යා විෂයයන්) හදාරා තිබිය යුතුය, නමුත් ඔබ සම්පූර්ණ කර ඇත්තේ සාමාන්‍ය පෙළ විභාග මට්මට පමණක් නම්, ඔබ පාරිසරික විද්‍යාවට (සත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව යනාදිය) සම්බන්ධ ඩිප්ලෝමාවක් හෝ උසස් ඩිප්ලෝමාවක් සම්පූර්ණ කළ යුතුය. චතුර ලෙස ඉංග්‍රීසි භාවිතය අත්‍යවශ්‍ය වේ (විදේශීය භාෂා හැකියාව අතිරේක කුසලතාවක් ලෙසින් සැලකේ).

හෝටලයේ පරිසරය හෝ වටපිටාව (කුරුල්ලන් නැරඹීම, සමනල නැරඹීම, ඔසු උද්‍යාන ආදිය) මත පදනම්ව සංවර්ධනය කිරීම, පාරිසරික සංරක්ෂණය හා තිරසාර සංචාරක ව්‍යාපාරය පිළිබඳ තොරතුරු සංවර්ධනය කිරීම, සංවිධාන දිරිමත් කිරීම සඳහා ඉල්ලා සිටීම් සිදුකරයි. පාරිසරික සංරක්ෂණ ව්‍යාපෘති සහ මාධ්‍යයන් (සූර්ය බලශක්තිය වැනි) භාවිත කිරීම, අමුත්තන් සමඟ අන්තර් ක්‍රියා කිරීම සහ ආයතනය විසින් සිදු කරනු ලබන සංරක්ෂණ ව්‍යාපෘති (අපජල පවිත්‍රකරණය, ප්‍රතිචක්‍රීකරණගාර ආදිය) පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම ආදිය හෝටලය තුළ වසන පරිසරවේදියෙකු විසින් සිදුකෙරේ.

මනා පළපුරුද්දක් හා පුහුණුවක් සහිත පරිසරවේදියෙකුහට පාරිසරික සංරක්ෂණය දිරිගැන්වීම සඳහා පාසල් හා විශ්ව විද්‍යාල වල උපදේශක වැඩසටහන් පැවැත්විය හැකිය, නැතහොත් මෙම විෂය පිළිබඳ පුහුණුකරුවෙකු හෝ කථිකාචාර්යවරයෙකු බවට පත්විය හැකිය. පරිසරවේදියෙකු විසින් පවත්වනු ලබන දැනුවත් කිරීමේ සැසි සඳහා හෝටල් බොහෝ විට අසල්වැසි පාසල්වල සිසුන්ට ආරාධනා කරයි. පරිසරවේදින් පර්යේෂණ ව්‍යාපෘති හා පර්යේෂණ පත්‍රිකා සහ ලිපි ප්‍රකාශයට පත් කිරීම සඳහාද දායක වේ.

3.2 නිපුණතා

4. වැටුප් පරිමාණය

පරිසරවේදියෙකුගේ වැටුප් පරිමාණය සමාගම් වර්ගය හෝ භූමියේ ස්වභාවය අනුව වෙනස් වේ. මෙම පුද්ගලයාව ජාතික උද්‍යානයකින් අඩු වැටුපකට සේවයට බඳවාගත හැකි, වුවද ජාතික උද්‍යානයකට ආසන්නව පිහිටි හෝටලයකින් වැඩි වැටුපකට බඳවාගත හැකිය. ඔවුන්ගේ ඉපැයීම් රු .30,000 සිට රු.50,000 දක්වා විය හැකිය.