ළමා රැකවරණ සහායක

දෙමව්පියන් තම කුඩා දරුවන් සමඟ සංචාරය කිරීම ඉහල යාම නිසා, ඉහළ මට්ටමේ හෝටල් සහ නිකේතන වලට තම පරිශ්‍රය තුළ ළමා රැකවරණ සේවා සැපයීම ප්‍රමුඛතාවයක් වී තිබේ. තම දරුවන් හෝටලයේ පරිශ්‍රය තුළ සිටින නිසාත්, ඔවුන් සුරක්‍ෂිත බවත්, හොඳින් රැකබලා ගැනෙන බවත් හැඟෙන නිසා දෙමාපියන් හට විවේකය හොඳින් භුක්ති විඳීමට හැකි වන පරිදි, මෙම එක් වූ අගයක් සහිත සේවාව පිරිනමනු ලැබේ.

රැකියා භූමිකාවන්

ළමා රැකවරණ සහායකයෙකු වශයෙන්, හෝටලයේ හෝ දේපළෙහි ක්‍රීඩා කාමරයේ හෝ ක්‍රීඩා ප්‍රදේශය තුළ දරුවන්ගේ රැකවරණය සහ ආරක්ෂාව පිළිබඳව ඔබ වගකිව යුතුය. දරුවන් ඔබේ රැකවරණයට භාර දුන් පසු, දරුවන් ක්‍රීඩා කාමරයේ සීමාවන් තුළ, විවිධ ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ කරගනිමින් ඔවුන්ව සතුටින් තබා ගත යුතුය. ඔබේ රැකවරණයෙහි සිටින සියලුම දරුවන් සඳහා ඔවුන්ගේ අසාත්මිකතා සහ ආහාර සීමා කිරීම් ඇතුළු ලේඛන කටයුතු පවත්වා ගැනීමටද ඔබට සිදු වනු ඇත.

උසස්වීම්

ඔබට සහායකයකු ලෙස රැකියාව ආරම්භ කර පසුව ළමා රැකවරණ සහායක තනතුර දක්වා ඉදිරියට යා හැකිය. ඔබ මෙම තනතුරේ වැඩ කිරීමට සුදුසු දැයි තීරණය කිරීමේදී ඔබේ හැසිරීම, අමුත්තන් විසින් ඔබව පිළිගෙන ඇති ආකාරය සහ ඔබට ලැබී ඇති නිර්දේශ ඉතා වැදගත් වන බව මතක තබා ගන්න.

දැනුම සහ කුසලතා

මෙම තනතුර සඳහා මූලික අවශ්‍යතාවය අ.පො.ස සාමාන්‍ය පෙළ සුදුසුකම වේ. බොහෝ ආයතන විසින් පෙරපාසල් හෝ මොන්ටිසෝරි පාඨමාලා සුදුසුකම් ද අපේක්ෂා කරනු ඇත. ඉංග්‍රීසි භාෂාවේ චතුර බව අත්‍යවශ්‍ය වන අතර විදේශීය භාෂාවක ප්‍රවීණතාවය වැඩි වටිනාකමක් එක් කරනු ඇත.

කුසලතා

බඳවා ගැනීමේ ක්‍රියාවලිය

විශ්වාසනීය ළමා රැකවරණ සහායකයින් සොයා ගැනීම සහ රඳවා ගැනීම බොහෝ හෝටල් මුහුණ දෙන අභියෝගයකි. සේවා යෝජකයින් විසින් නිශ්චිත අධ්‍යාපන සුදුසුකම්, සහතික සහ අත්දැකීම් මට්ටම් සලකා බලනු ඇති අතර, ළමා සංවර්ධනය පිළිබඳ අවබෝධයක් ඔබ සතුව ඇතැයි ඔවුන් අපේක්ෂා කරනු ඇත. මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ පුහුණුවක් ලබා තිබීම මඟින් ඔබ රැකබලා ගන්නා දරුවන්ගේ අවශ්‍යතා සහ පෞරුෂයන්ට සංවේදී වන බව හා ප්‍රතිචාර දක්වන බව සහතික කෙරෙනු ඇත.

වැටුප් පරිමාණය

ළමයින් රැකබලා ගැනීම සහ ආරක්ෂා කර ගැනීම සඳහා ඉතා හොඳ ඉවසීමක් සහ විශේෂ කුසලතාවයන් රැසක් අවශ්‍ය වේ. එබැවින් එය සාමාන්‍යයෙන් හොඳින් වැටුප් ගෙවන තනතුරකි. ශ්‍රී ලංකාවේ මේ සඳහා වැටුප රුපියල් 30,000 සිට රු .50,000 දක්වා විය හැකිය.

Women in Tourism

Let her learn, let her explore, let her see the world

Sri Lanka's tourism industry offers a number of career opportunities for women. Here's a glimpse into some of them.

Watch Video