සංචාරක මඟපෙන්වන්නන්

සංචාරක මාර්ගෝපදේශක සංචාරක කර්මාන්තය තුල කටයුතු කරන අතර, තනි පුද්ගල හෝ කණ්ඩායම් චාරිකා සඳහා මඟ පෙන්වීම් සිදුකරයි. සංචාරක ස්ථානවල ඉතිහාසය පිළිබඳ මනා දැනුමක් ඔවුන් සතුව පවතින අතර සොබාදහමේ ආකර්ශනීය ස්ථාන, ඓතිහාසික ස්ථාන, කෞතුකාගාර, සුන්දර දර්ශන සහිත ස්ථාන සහ වෙනත් සංචාරක ගමනාන්තයන් පිළිබඳව සිත්ගන්නාසුළු වැදගත් තොරතුරු සංචාරකයින් වෙත ලබා දෙයි. මාර්ගෝපදේශකයින් විසින් පාද චාරිකාවල සිට බස් චාරිකා දක්වා විවිධ සංචාර සපයනු ලබයි. බොහෝ විට සංචාරක සමාගම් විසින් මඟපෙන්වන්නන් කුලියට ගණු ලබන අතර එම සංචාරක මඟපෙන්වන්නන් සාමාන්‍යයෙන් ඔවුන් සේවය කරන ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සාමාන්‍යයෙන් සංචාරක මඟපෙන්වන්නෙක් තෝරාගැනීමේදී, පිළිගත් හෝ නිර්දේශිත අයෙකු තෝරා ගැනීමට සංචාරකයින් උත්සහ දරයි. එමඟින්, තමන්ගේ කාර්යය මනාව දත් පුද්ගලයෙකුගේ සේවය ලැබෙන බව තහවුරුවන අතර, ඔවුන්ගේ සංචාරයෙන් උපරිම ප්‍රයෝජන ලබාගත හැකි බවත් සංචාරකයෝ දනිති. ශ්‍රී ලංකාවේ දේශීය සංචාරක මඟපෙන්වන්නන් ස්වදේශීය භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව පමණක් නොව, සාමාන්‍යයෙන් ජර්මන් හෝ ප්‍රංශ වැනි භාෂා ද කතා කරයි. සේවය බලාපොරොත්තුවෙන් පැමිණෙන, නොයෙක් වර්ගයේ අමුත්තන් වෙත සේවය ලබා දීමට මෙම භාෂා හැකියාව උපකාරී වනු ඇත.

බොහෝ විට සංචාරකයින් විසින් වෘත්තීය පුහුණුවලත් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය/ Sri Lanka Tourism විසින් බලයලත් මඟපෙන්වන්නෙක් තෝරා ගන්නා අතර, මොවුන් ජාතික සංචාරක මාර්ගෝපදේශක හෝ සංචාරක රියැදුරු මාර්ගෝපදේශක ලෙස වර්ගීකරණය කරනු ලැබේ. මේවා බලපත්‍රලාභී මාර්ගෝපදේශ සේවා ලෙසින් පිළිගැනේ.

1. රැකියා භූමිකා

මෙම කාණ්ඩයට ආධුනික, අධීක්ෂණ හෝ විධායක ශ්‍රේණි නොමැත. ඒ වෙනුවට, භූමිකා බෙදී යන්නේ අත්දැකීම් මත පදනම් වීමෙනි.

ජාතික සංචාරක මාර්ගෝපදේශකයන්: විශාල සංචාරකයින් පිරිසක් රැගත් සුඛෝපභෝගී ගමන්රථ සඳහා සේවය සපයන්නේ වෙන් කර ඇති හෝ තෝරාගත් රියදුරන් විසිනි. මොවුන් සංචාරකයන් ඕනෑම සංඛ්‍යාවක්, රටේ ඕනෑම ස්ථානයකට රැගෙන යාමට තරම් අත්දැකීම් ඇති හෝ පළපුරුදු මඟපෙන්වන්නන් වේ.

සංචාරක රියැදුරු මාර්ගෝපදේශක: බොහෝ විට කුඩා වෑන් රථ හා සුඛෝපභෝගී මෝටර් රථවලින් ගෙන යන කුඩා සංචාරක කණ්ඩායම්වලට සේවය සපයනු ඇත. මෙම කණ්ඩායම් පුද්ගලයින් 1 සිට 7 දක්වා විය හැකිය. මඟ පෙන්වීම සිදු කරනු ලබන්නේ තමන්ගේම වාහනයක් පදවන සංචාරක රියැදුරු / මාර්ගෝපදේශකයන් විසිනි.

විනෝද චාරිකා මාර්ගෝපදේශ: රට තුළ විනෝද චාරිකා සඳහා කණ්ඩායම් රැගෙන යාමට ජාතික සංචාරක මඟපෙන්වන්නෙකුට හෝ සංචාරක රියැදුරු සංචාරක මඟපෙන්වන්නෙකුට බලය ඇති අතර ප්‍රධාන සංචාරක ස්ථාන වෙත මඟ පෙන්වීම සඳහා අවසර ලැබේ.

2. වෘත්තීමය ප්‍රගතිය

මෙම කර්මාන්තයෙහි වෘත්තීය ප්‍රගතිය අමතර කරුණක් වන අතර බොහෝ දෙනෙක් එය පසුපස ලුහුබැඳීමට උනන්දුවක් නොදක්වන්නේ ඔවුන් බොහෝ දෙනෙක් ස්ව කැමැත්තෙන් මෙම කර්මාන්තයෙහි සේවය කරනා බැවිනි. බොහෝ සංචාරක මඟපෙන්වන්නන් තමාගේ කාර්යභාරය ගැන සතුටින් සිටී. ශ්‍රී ලංකාවට විශාල ලෙස සංචාරක පිරිසක් පැමිණෙන කාලයක් තිබෙන බැවින්, ඇතැමුන් සිය ජීවනෝපාය ලෙස රැකියා කිහිපයක යෙදේ.

3. දැනුම හා කුසලතා

සංචාරක කර්මාන්තයෙහි වන වෙනත් බොහෝ ක්ෂේත්‍ර මෙන්ම, මෙම වෘත්තිය වෙත යොමුවීම සඳහා ඔබේ සාමාන්‍ය පෙළ විභාගය සම්පූර්ණ කර තිබිය යුතුය. එසේ නොවේ නම්, ඔබට ඒ සඳහා අවශ්‍ය පදනම් පාඨමාලාවක් හැදෑරිය හැක.
ඔබ පාසල් අධ්‍යාපනය සහ සාමාන්‍ය පෙළ විභාග සම්පූර්ණ කර ඇතත්, මඟපෙන්වන්නෙකු ලෙස ක්‍රියා කිරීම සඳහා ලියාපදිංචි වීම හෝ බලපත්‍ර ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. සංචාරක මඟපෙන්වන්නෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා හෝ බලපත්‍ර ලබා ගැනීම සඳහා ඔබ පුහුණු වැඩසටහනක් සම්පූර්ණ කළ යුතුය.

ශ්‍රී ලංකා සංචාරක මඟපෙන්වන්නන් පුහුණු කර සහතික කරනු ලබන්නේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTDA) විසිනි. සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා ශ්‍රී ලංකාවේ ඇති එකම අධිකාරිය මෙයයි. දිවයින පුරා සංචාර මඟපෙන්වීම සඳහා පුහුණුව ලබා ඇති පිරිස ජාතික සංචාරක මාර්ගෝපදේශකයින් ලෙස හඳුන්වනු ලබන අතර නිශ්චිත ප්‍රදේශවල හෝ ස්ථානවල පුහුණුව ලත් පිරිස ස්ථානීය මාර්ගෝපදේශක ලෙසින් හැඳින්වේ.

ශ්‍රී ලංකාවේ භූගෝල පිහිටීම, ඉතිහාසය, පුරාවිද්‍යාව, සංස්කෘතිය, සොබාදහම, වනජීවී සහ බුද්ධාගම පිළිබඳ පූර්ණ කාලීන මනා පුහුණු පාඨමාලාවක් හැදෑරීමෙන් සහභාගී වූවන්ට SLTDA විසින් බලපත්‍ර ප්‍රදානය කරනු ලැබේ. මෙම වැඩසටහන මාස හතරක් පුරා ක්‍රියාත්මක වන අතර ඉන් අනතුරුව විභාගයක් පැවැත්වේ.

සංචාරක මාර්ගෝපදේශ සඳහා ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් පිළිගත් පාඨමාලා දෙකක් ඇති අතර, මෙම වෙබ් අඩවියේ පාඨමාලා අංශයේද එ් පිළිබඳ සඳහන් වේ.

1. ජාතික සංචාරක මාර්ගෝපදේශ කථිකාචාර්ය (NTGL)
කාලය: මාස 4 යි
2. සංචාරක රියැදුරු මාර්ගෝපදේශ කථිකාචාර්ය (CTGL)
කාලය: මාස 3 1/2

3.1 නිපුණතා

සංචාරක මාර්ගෝපදේශකයකුගේ කුසලතා කාණ්ඩ දෙකකට බෙදා ඇත:

1. අන්තර් පුද්ගල කුසලතා

2. තාක්ෂණික කුසලතා

4. බඳවා ගැනීමේ ක්‍රියාවලිය

ඔබ ඔබේ සහතිකපත්‍ර ලබාගැනීම් සම්පුර්ණ කළ පසු, ඔබට හෝටලයක්, සංචාරක ඒජන්සියක්, නිවාඩු නිකේතනයක් හෝ විදේශීය අමුත්තන්ගේ පැමිණීම ඇති සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ වෙනත් ඕනෑම ආයතනයක සේවය කිරීමට හැකිය. මෙය කැසිනෝ, නාගරික ප්‍රදේශවල නොවන සංචාරක නිකේතන, සංචාරක සමාගම්, කුලී රථ සපයන සමාගම්, ගුවන්තොටුපල ආදිය පවා විය හැකිය.

සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන විට මනාව හැඳ පැලඳ සිටීම වැදගත් වේ. ඔබ හොඳින් සැරසී සිටින බවටත් ඔබේ ඇඳුම් පිළිවෙලට හා පිරිසුදුව ඇති බවටත් වගබලා ගන්න. මෙම රැකියාවට ඔබ උනන්දුවක් දක්වන්නේ ඇයිදැයි ඔබව සේවයට ගන්නා කළමනාකරු වෙත පැවසිය යුතුය.

5. වැටුප් පරිමාණය

ඔබ සමාගමක සේවය කරන්නේ නම් සාමාන්‍ය මාසික වැටුප රුපියල් 25,000 සිට 30,000 දක්වා වේ. සංචාරයේ යෙදී සිටින විට ඔබේ ආහාර සහ විවිධ වියදම් පියවා ගැනීම සඳහා වන ආවරණ වියදමක් වන ‘බාටා’ ද ඔබට ලැබෙනු ඇත. ලබා දෙන ආවරණ අනුපාතය එක් ආයතනයකින් තවත් ආයතනයකට වෙනස් වේ.

මාසික වැටුපට අමතරව, ශ්‍රී ලංකාවේ සංචාරක මාර්ගෝපදේශකයන් බොහෝ විට හොඳ ‘සංතෝසම් (Tips)’ ලබා ගනී. ඔබට දිනකට රු.1,000 සිට 1,500 දක්වා සංතෝසම් ලබා ගත හැකිය. ඔබ ඉතා හොඳින් සේවය කර ඇත්නම්, ඔබ සමඟ සංචාරය කළ සංචාරකයින්ගේ ත්‍යාගශීලීභාවය මත පදනම්ව ඔබට විදේශ මුදල්වලින් පවා ගෙවනු ලැබේ.